Tuesday, July 22, 2014


තනිකරම කොට්න් ?
ප්රේමසිරි හවස රාජකාරි අවසන් කර නිවෙස බලා යමින් සිටියදී කමිස තොගයක් පදික වේදිකාවේ දමා ගෙන හඬ නඟමින් ඒවා විකුණන වෙළෙන්දකු දැක මඳකට නතර විය.
තනි කොට්න් - එකක් දෙසීයයි. ලාභායි...” යනුවෙන් හඬ නඟමින් කමිස විකුණන වෙළෙන්දා වටා තරමක සෙනඟක් රැස් වී සිටිනු පෙනිණ. සෙනඟ මැදින් කමිස වෙළෙන්දාට කිට්ටු වූ ප්රේමසිරි කමිසයක් අතට ගෙන හොඳින් පිරික්සා බලා වෙළෙන්දා ගෙන් මෙසේ විමසීය.
මේ කමිසෙ තනිකරම කොට්න් ?” හා හා
වෙළෙන්දා ප්රේමසිරි දෙස බලා අවඥාවෙන් කට ඇද කළේය. අනතුරුව මෙසේ පිළිතුරු දුන්නේ .
චිහ්... අපි එහෙම බොරු කියල, බඩු විකුණන්නේ නෑ සර්. මේකෙ බොත්තං නං ප්ලාස්ටික්...”  විහිලු තහලු

0 comments:

Post a Comment