Tuesday, July 22, 2014


සේවා කාලය
මෛත්රිපාල සේවය කළේ ආණ්ඩුවේ කන්තෝරුවක . කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ ඔහු එම කාර්යාලයේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා අයදුම්පතක් පුරවා තම ප්රධානියා වෙත ගොස් ඔහුට දෝතින් එය පිළිගැන්වීය.
ප්රධානියා එය කියවා බලා මුහුණේ ප්රශ්නාර්ථයක් නංවා ගෙන මෛත්රිපාල ඇමතීය.
මෛත්රිපාල තමුසේ මේ ඔෆිස් එකට ඇවිත් තාම අවුරුදු දහයයි. මේ ඉල්ලුම් පත්තරේ සේවා කාලය අවුරුදු දොළහයි කියල ලියලා තියෙන්නේ මොකද?”
මෛත්රිපාල බයාදු ලෙස සිනාසී, තම කැඩුණු දත ලොක්කාට පෙන්වමින් මෙසේ පිළිතුරු දුන්නේ .
ඇයි සර්, අවුරුදු දහයක් තිස්සේ මම ඕවර් ටයිම් කරපුවා.”

0 comments:

Post a Comment