Sunday, July 20, 2014

ටිකක් හිනාවෙලා ඉමුකෝ නාන තටාකය

ඔන්න යාළුවෝ තුන් දෙනෙක් ගමනක් ගියා' දවස් තුනක් එක දිගට ඇවිදල හති හින්දා හෝටලයක විවේක ගත්තා' මෙහෙම ඉන්නකොට වයසක මනුස්සයෙක් ඇවිත් මෙයාලට කියනවා හෝටලයට ඉස්සරහා තියෙන පිහිනුම් තටාකයට තමන් කැමතිම දේ කියල පැන්නොත් ඒක හම්බවෙනව කියලා' පළවෙනිය ගිහිල්ලා කිව්වා කෙහෙල් කියලා' එයා කෙහෙල් ගොඩක් උඩට වැටුනා' දෙවෙනියා කිව්වා කෙහෙල්මල් කියලා එයා කෙහෙල් මල් ගොඩක් උඩට වැටුනා තුන් වෙනිය කියන්න යද්දිම කාක්කෙක් ඔලුවට ජරාවක් දැම්මා' එතකොටම එයා කිව්වා මල ජරාව කියලා'

                         මානසික රෝහල

අමරපාලයි සුමතිපාලයි කියන්නේ මානසික රෝහලේ නම ගිය රෝගීන් දෙන්නෙක්' දවසක් මේ දෙන්නා ඇවිදිමින් ඉන්නකොට අමරපාල ළඟ තිබ්බ පිහිනුම් තටාකයට පැනලා යටටම වෙලා හිටියා' සුමතිපාලත් ඉක්මනටම පැනලා අමරපාලව බේරගෙන ආවා' මේක අහපු දොස්තර සුමතිපාලව හම්බවෙන්න ගියා' සුමතිපාල' ඔයා කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්'  ඒ වුනත් ඔයාට කියන්න හොඳ  ආරංචියකුයි "නරක ආරංචියකුයි තියෙනවා' හොඳ ආරංචිය තමයි ඔයාව අපි ගෙදර යවනවා' නරක ආරංචිය තමයි අමරපාල බෙල්ලෙ වැල දාගෙන නාන කාමරේ මැරිල ඉන්නව'එතකොට සුමතිපාල කියනව"සර් මම තමයි එයාව එතනින් වේලෙන්න තිබ්බේ"

                         වෛද්‍ය පරීක්ෂනය

දවසක් වයසක මනුස්සයෙක් වෛද්‍ය පරීක්ෂනයකට යනවා' ඊට පස්සෙ දොස්තර මෙයාට කියනවා"මට
හරිම කණගාටුයි ඔයාට මැරෙන්න තව එච්චර කල් නෑ"
වයසක මනුස්සයා බය වෙලා අහනවා"කොච්චර කල්ද@  දොස්තර කියනවා"9 යි"


                    හ්ර්‍ද විශේසඥයාගේ අවමගුල

හ්ර්‍ද විශේසඥයෙක් හදිස්සියේම රෝගාතුර වෙලා මැරුණා' ඉතින් එයාගෙ නෑදෑයො ටික එකතුවෙලා ලස්සන හාට් එකක් වගේ හදපු මිනී පෙට්ටියක මිනිය දාලා වැහුවා' එතකොටම එතන හිටපු දොස්තරගෙ යාලුවෙක් හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා' කට්ටියම මේ මොකද කියලා ඇහුවම දොස්තර කිව්වා "මම නාරි හා ප්‍රසව විශෙසඥයෙක්" කියලා'

0 comments:

Post a Comment