Wednesday, June 25, 2014

01 දුව-අම්මේ දෙවියො බාත්රූම් යනවද?
මව-ඇයි දුව එහෙම අහන්නෙ?
 දුව-අද උදේ තාත්තා කියනව ඇහුනා "අනේ දෙවියනේ මට බාත්රූම් යන්න දෙන්න "කියලා...

02 බිරිද-ඔයාට මතකද අද අපේ වෙඩින් ඇනිවර්සරි එකනෙ, අපි අද මොකද කරන්නේ!!!!!!!!!
 සැමියා-ම්..අපි විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉදිමු!

03 දුව-අම්මේ පිරිමි ළමයෙක් මාව අල්ලන්න ආවොත් මොකද කරන්නේ?
මව-"නවත්වන්න" කියල සැර කරන්න
දුව-එතකොට මාව කිස් කරන්න ආවොත්?මව-"එපා" කියල සැර කරන්න
ඊලග දවසේ පාසලේදි පිරිමි ළමයෙකු එක්වරම පැමිණ ඇය අල්ලාගෙන සිපගන්නට විය. මවගේ උපදෙස් මතක් වී "නවත්වන්න එපා" කීවේය.

04 දුව-අම්මේ මිනිස්සු මේ ලෝකෙ ඇතිවුනේ කොහොමද? 
මව-දුවේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මැව්වා, ඒ දෙන්නගෙන් තමයි අපි බිහිවුනේ.පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියාගෙන්ද පෙර ප්‍රශ්නය විමසුවාය.
ඔහුගේ පිළිතුර වූයේ "මිණිස්සු බිහිවුනේ වදුරන්ගෙන් පරිනාම වෙලානෙ.වෙනස් පිළිතුරු දෙකකින් ව්‍යාකූලත්වයට පත් දුව නැවත ඒ පිළිබදව මවගෙන් ඇසුවාය.
"අයියෝ ඒක සුලු ප්‍රශ්නයක් දුව, තාත්තා කියල තියෙන්නෙ තාත්තල‍ගෙ පැත්තෙ කට්ටිය ගැන. මම කිවුවෙ අපේ පැත්තෙ කට්ටිය ගැනනෙ" මව කීවේය.

0 comments:

Post a Comment