ආර්ථික අහේනිය ඉස්සරහ දොරෙන් ගෙට ගොඩවෙනකොට ආදරය පෑල දොරෙන් එලියට යනවලු. විවාහයන් කැඩී බිඳී යාමට සුලබ හේතුවක් වුණේ ආර්ථික ප්රශ්න කියල බොහෝ විට මතුපිටින් පෙනෙන්නේ තියෙන දෙයක්. දෙන්න දෙමාල්ලන්ගේ ආරවුල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියල කතාවක් හැදෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.
ඒත් ඒ පවුලක් පන්සලක් වෙලා ඉන්න දෙන්නෙක් දිහා පිටත ඉඳන් බලන් ඉන්න කෙනෙකුට කියන්න පුලුවන් කතාවක් විතරයි. ඇත්තටම විවාහයන් කැඩී බිඳී යාම කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත වෙල තියෙන්නෙ ලිංගිකත්ව ගැටලු. අද උසාවි වල දික්කසාද නඩු නඩත්තු නඩු එමටයි.
ඊට හේතුවක් විදිහට වැඩි කොටසක් අත් පත් කරගෙන තියෙන්නේ අනියම් සම්බන්ධ කම්. මෙහෙම අනියම් සම්බන්ධකම් ඇතිවෙන්නේ සල්ලාල කමක් වන්චර කමක් හින්ද නෙවෙයි. පවතින සම්බන්ධකම් රුස්සන්නේ නැති වීමයි මේකට හේතුව. අද සමාජය සංකීර්ණයි එක් එක් අයගේ අවශ්යතාවයන් විවිධයි.
බලාපොරොත්තුවන දෑ විවිධයි. අත්පත්කර ගත හැකි දේ ගැන තොරතුරු ප්රමාණය විශාලයි. දැනුම විශාලයි. කිසිවෙකුටත් එක තැනක නැවතින්නට අවශ්ය නැහැ. හඹා යන්න.. අත්පත් කර ගන්නයි හැමෝටම ඔනේ.. ඒ ජිවිතය හැකි උපරිමයෙන් විඳින්නයි ඕනේ..ඉතින් විවාහය කියන එක තුලත් පවතින්නේ මේ තත්වයමයි.
විවාහ සංස්ථාව කැඩී බීදීයාම වලක්වා ගන්න නම් මේ ගැන සීමාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලම හිතන්න වෙනවා
දෙදෙනකු විවාපත් වෙන්නේ ලිංගික වුවමනාවන් පදනම් කරගෙනම නොවුවත් විවහයක් හොඳින් පවත්වාගෙන යාමට හොඳ ලිංගික සබඳතාවයක් පැවැතීම අත්යාවශ දෙයක්.
හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කොහොමද? අද කතා කරන්න හිතුවේ ඒ ගැන. ගොඩක්ම සරල ආකරයෙන් මේ පැහැදිලි කළ හැකියි.
දෙදෙනකු අතර වන හොඳ ලිංගික සම්බන්දතාවයක් සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා අභ්යන්තර සාධක සහ බාහිර සාධක විදියට දෙවර්ගයකට වෙන් කළ හැකියි.
අභ්යන්තර සාධක අතරින් මිනිසාගේ ප්රධානතම ලිංගික අවයවය වන්නේ මොළයයි. ලිංගික කාර්යය සඳහා මිනිසාගේ මනසේ බලපෑම ඉහල අගයක් ගන්නවා. ඊට දෙවෙනිව නොදියුණු ජීවීන්ගේ ලිංගික ක්රියාවේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ හෝමෝන. අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය ලිංගික ක්රියාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිංගික ක්රියාව සඳහා අවශ්ය වන හෝමෝන ශ්රාවය කිරීම අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුකරනවා.
මිනිස් සමාජයේ සංස්කෘතික ලක්ෂණ සහ සමාජ ආකල්ප ලිංගික ක්රියාවලියේ බාහිර සාධකයක්ව පවතියි. එනම් ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් ජාතිය ආගම අනුව වන වෙනස්කම් භුගෝලීය දේශගුණික විෂමතාවයන් අනුව අනුව වන වෙනස්කම් ආදී වශයෙන් දැක ගත හැකිය.
එහෙත් මිනිසා නම් සත්වයා කුමන සංස්කෘතික හෝ සමාජ වටපිටාවක් තුල හිඳිමින් ලිංගික ක්රියාවලියට එක්වන්නේ වූවද ඒ සිදුවන ආකාරය අවස්ථා සතරකට වෙන් කර ගත හැකිය.
ආසාව (desire )
ලිංගික ක්රියාවලියේ පළමු පියවර වන්නේ ආසාවයි. පුරුෂයින්ගේ ලිංගික ආසාව Testosterone නම් හෝමෝනය මගින් උත්තේජනය කරනවා.
මෙම ආසාව ඇතිවීම සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්. හෝමෝන වල බලපෑම වගේම ලිංගික උත්තේජනයක් සපයන කලා නිර්මාණ, භාෂාව, ශබ්ද, පින්තූර ආදිය ලිංගික සම්බන්ධතාවයක් සඳහා ආසාව වර්ධනය කරවයි.
උද්දීපනය (arousal )
මෙයින් අදහස් කෙරෙන්නේ ලිංගික ක්රියාකාරිත්වය සඳහා ශරීරය සකස්වීමය. ලිංගේන්ද්රියයන්ගේ වෙනස් කම් ඇති වෙනවා. පුරුෂයන්ගේ ශිෂ්ණයේ පවතින corpora cavernosa කියන පටකයට රුධිරය පිරීම නිසා එය දැඩි ශක්තිමත් භාවයට පත් වෙනවා.
කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ මෘදු පේෂි පටකය සැහැල්ලු බවට පත් වීම නිසා යෝනි මාර්ගය විවෘත වෙනවා. ඒ වගේම ස්වසන වේගය වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වාගේ කායික ලක්ෂණ ඇති වෙනවා.
සුරතාන්තය (orgasm)
සුරතාන්තය ලිංගික ක්රියාවලියේ උපරිම තෘප්තිමය අවස්ථාවයි.
සිඳී යාම (resolution )
ශරීරය සහ ලිංගික අවයව නැවත පෙර තිබූ තත්වයට පත් වීම.
ලිංගික ක්රියාවලියේදී සුරාන්තයට පත්වීමේ සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට ගත වෙන කාලය සමාන නැහැ. සාමාන්යයෙන් කාන්තාවන්ට ලිංගික උද්දීපනය ලැබීමට පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ගත වෙනවා.
ඒ වගේම පුරුෂයකුට එක්වරක් උපරිම තෘප්තිමත් අවස්ථාවට පත් වුනාට පස්සේ නැවත උපරිම තෘප්තිමත් අවස්ථාවක් ලැබීමට යම් කාලයක් ගත විය යුතුයි. නමුත් කාන්තාවකට කෙටි කාලසිමාවකදී උපරිම තෘප්තිමත් අවස්ථා කිහිපයක් ලබන්න පුළුවන්. මේ කරුණු ගැන ලිංගික ක්රියාවලියේදී අවධානය යොමු කිරීම අතිශය වැදගත් කාරනාවක් බොහෝ කාන්තාවන්ට සිය ලිංගික ජීවිතය නීරස අත්දැකීමක්ව ඇත්තේ සිය සහකරුවා මේ පිළිබඳව නොදැන සිටීමය.
අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා.
සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා මේ ගැන දැන සිටීම මෙන්ම එම ගැටළු නිරාකරනය කර ගැනීම අවශ්යය.
Knowledge - දැනුම. ලිංගිකත්වය පිළිබඳ දැනුවත් භාවය
Motivation - පෙළඹීම. ලිංගික ක්රියාවේ යෙදීම සඳහා දෙදෙනාගේම පෙළඹීම සහ කැමැත්ත
Communication - සන්නිවේදනය. අන්යොන්ය වශයෙන් ලිංගික සම්බන්ධතාව ප්රායෝගික තලයට ගෙන ඒම සඳහා සහකරුවන් අතර හොඳ සන්නිවේදනය ක්රමයක් පවත්වා ගතයුතුය.
Satisfaction - තෘප්තිමත් භාවය. මෙහිදී ලිංගික ක්රියාවේ යෙදෙන දෙදෙනාම තෘප්තිමත් භාවයට පත් වීම අපේක්ෂා කරන බව දෙදෙනාම දැන්සිටිය යුතුවා මෙන්ම ඒ අනෙකාට ලබාදිය යුතුය.
Experience - පළපුරුද්ද
Anxiety - ආතතින්ගෙන් පෙලීම. මෙය ලිංගික තෘප්තිය අඩු වීමට හේතු වෙයි
Physical disorders - කායික රෝගාබාධ වලින් පෙලීම
Mental disorders - මානසික රෝග වලින් පෙලීම
Drugs - ඖෂධ - ඇතැම් ඖෂධ නිසා ලිංගික ගැටළු ඇති විය හැකිය
Smoking, alcohol, substance abuse - මත්ද්රව්ය - මත් වතුර, දුම් පානය ලිංගික තෘප්තිය අඩු කිරීමට හේතු වෙයි.
සමහර විට මේ යම් කරුණක් හෝ කිහිපයක් විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදා කර තිබිය හැක. නමුත් ඉතා පැහැදිලිවම කිව යුතු දේ නම් මේ සියල්ලටම උත්තර තිබෙන බවයි.එහෙත් අනෙක් වැදගත්ම දේනම් ඒ සඳහා ඔබ යායුත්තේ කවුරුන් ළඟටද යන්න දැන සිටීමය.
මෙවැනි ගැටළුවකින් පෙළෙනවා නම් ඔබට කළ හැකි හොඳම දේ ළඟම ඇති රජයේ රෝහලෙන් වෛද්ය උපදෙස් පතන එක. නමුත් ඔබ වෛද්යවරයකු හමු වීමට යායුත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක්, තමන්ට තනිව විසඳාගත නොහැකි ගැටළුවක්, තම පවුල් සම්බන්ධතාවය බිඳවැටීමේ අවදානමක් ඇති ගැටළුවක් නම් පමණයි. මන්ද අන් සියල්ල ඔබ දෙදෙනාට කතිකා කොට විසඳගත හැකි නිසාය.
ඒ ඒසේ වන්නේ නම් ඉදිරි දොරෙන් එන මොන අහේනියට වුවත් ඔබ දෙදෙනාගේ 'ආදරය' පෑල දොරෙන් යවන්නට බැරි තරම් විශාල වේවි.
රන්දි කිඳෙල්පිටිය
(සම්පූර්ණ අයිතිය කතෘ සතුයි )
Thursday, August 25, 2016
9:38 PM
Unknown
Wednesday, August 24, 2016
10:12 PM
Unknown
එන්න මසාජ් කරන්න කියලා ඇතුලේ ලොකු ලොකු වැඩ එක්ක කම්සැප දීපු තැන මාට්ටු

වැල්ලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමෙන් එහි කළමනාකරු සහ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ අයෙකුවන අතර සැකකාරියන් 33, 27, 24 වයස්වල පසුවන අතර මහනුවර, මාතලේ, සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.
අත්අඩංගුවට ගත් 5 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමෙන් එහි කළමනාකරු සහ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ අයෙකුවන අතර සැකකාරියන් 33, 27, 24 වයස්වල පසුවන අතර මහනුවර, මාතලේ, සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.
අත්අඩංගුවට ගත් 5 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
10:11 PM
Unknown
ගෝල්ෆේස් පිටියෙදි මුණගැහිලා, ජනප්‍රියයි කියල දැනගත්තම අඬලා, අකලංකගේ හිත ගත්ත ප්‍රංශ යුවතිය
රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පහුගිය දවසක විවාහ වුණා. ඒ සචිනි කියන විද්‍යාඥවරියක් වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක. අපි ඇයට ප්‍රංශ තරුණියට කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණු නිසා.
මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ හරි අපූරු විදියට. ඒ හින්දම හිරු ගොසිප් අපි ඔවුන්ගේ ආදරේ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක් මේ විදියට අරන් එන්න හිතුවා. අකලංක සචිනිව මුලින්ම දකින්නේ ගාලු මුවදොර පිටියෙදි. ඒ ඔහුගේ යළුවෙකුගෙ මාර්ගයෙන්.
එතනින් එහාට කතාව ගලාගෙන ගිය හැටි තමයි මේ......
ඇගේ විස්‌තර ටිකක් කියමු නේද?
ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.
ඇගේ නම ?
සචිනි
වෘත්තිය ?
විද්‍යාඥවරියක් වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.
මේ හමුව කොහේදිද සිදුවුණේ ?
ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.
ඒ වෙලාවේ මොකද හිතුණේ?
මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.
පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?
ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.
කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.
ඇය එක පයින් කැමැති වුණාද?
අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.
කොච්චර කාලයක් ගියාද ආදරෙයි කියන්න?
අවුරුදු එකහමාරක් විතර කාලයක් ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.
ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?
පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්.
ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?
අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක් කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක් විතරයි.
එතකොට ජනප්‍රිය චරිතයක් කියලා දැනගත්තේ ?
ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක් කියලා.
ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?
එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.
ඊට පසුව ?
ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.
හේතුව ?
මම ජනප්‍රිය චරිතයක් හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්.
විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?
සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.
එතකොට රඟපෑම් වැඩකටයුතු ?
හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. ගොඩක් වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.
එතකොට ක්‍රිකට් ගහන්නේ නැතිද?
මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.
කවදාද ලංකාවෙන් යන්නේ?
ගොඩක් වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා
රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?
නැහැ. එහෙම දෙයක් නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට් ජීවිතයට වැඩි ඉඩකඩක් ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවා.
මේ දිනවල මොනවාද කරන්නේ ?
විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක් කාර්ය බහුල වුණා.
ගොඩක් තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?
මට ඇය ගැන ලොකු වෙනසක් දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.
අකලංකගේ විවාහයේ හා ඡායාරූප එකතුව පහතින් බලන්න...
9:58 PM
Unknown
මඩකලපු කෝච්චියේ නිදන මැදුරේ නෙදර්ලන්ත යුවලකගේ අනග රැඟුම නිසා ඒ රටේ නමත් ඉවරයි
පසුගියදා මඩකළපුව සිට කොටුව බලා පැමිණි රාත්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරී ඇති නෙදර්ලන්ත තරුණ යුවළක් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කිරීම නිසා ඔවුන් කොටුව පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.
මෙම යුවල වැලිකන්ද ප්‍රදේශයේදී එහි දුම්රිය ස්ථානයෙන් ගොඩව දෙවන පන්තියේ ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා.
පසුව ඔවුන් අශෝභන ලෙසින් හැසිරීමත් ඔවුන් ගමන්කළ දුම්රිය මැදිරියේ සිටි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දැඩිසේ අවවාද කර තිබෙනවා.
නමුත් ඔවුන් දෙදෙනා නිදන මැදිරිය වෙත ගොස් අශෝභන ලෙස හැසිරීම නිසා දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඒ සම්බන්ධව අවවාද කොට ඇති අතර දෙවැනි මැදිරියේ ප්‍රවේශපත් රැගෙන නිදන මැදිරියේ යා නොහැකි බවද දන්වා තිබේ.
නිදන මැදිරි භාර ආරක්‍ෂකයන් මොවුන්ට අවවාද කළත් අශෝභන ක්‍රියාවද ඔවුන් එතරම් ගණන් නොගෙන ඇත. මේ විදේශ යුවළට මගීන්ගේද දැඩි විරෝධය එල්ල වීම නිසා කොටුව දුම්රිය පොළ වෙත පැමිණි පසු දුම්රිය ආරක්‍ෂකයන් ඔවුන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට තිබේ.
පසුගියදා මඩකළපුව සිට කොටුව බලා පැමිණි රාත්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරී ඇති නෙදර්ලන්ත තරුණ යුවළක් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කිරීම නිසා ඔවුන් කොටුව පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.
මෙම යුවල වැලිකන්ද ප්‍රදේශයේදී එහි දුම්රිය ස්ථානයෙන් ගොඩව දෙවන පන්තියේ ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා.
පසුව ඔවුන් අශෝභන ලෙසින් හැසිරීමත් ඔවුන් ගමන්කළ දුම්රිය මැදිරියේ සිටි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දැඩිසේ අවවාද කර තිබෙනවා.
නමුත් ඔවුන් දෙදෙනා නිදන මැදිරිය වෙත ගොස් අශෝභන ලෙස හැසිරීම නිසා දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඒ සම්බන්ධව අවවාද කොට ඇති අතර දෙවැනි මැදිරියේ ප්‍රවේශපත් රැගෙන නිදන මැදිරියේ යා නොහැකි බවද දන්වා තිබේ.
නිදන මැදිරි භාර ආරක්‍ෂකයන් මොවුන්ට අවවාද කළත් අශෝභන ක්‍රියාවද ඔවුන් එතරම් ගණන් නොගෙන ඇත. මේ විදේශ යුවළට මගීන්ගේද දැඩි විරෝධය එල්ල වීම නිසා කොටුව දුම්රිය පොළ වෙත පැමිණි පසු දුම්රිය ආරක්‍ෂකයන් ඔවුන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට තිබේ.
9:35 PM
Unknown
බෝල්ට් එක්ක නිදියහනේ සිටි තරුණිය ''ජේඩි'' එදා වුණු දේවල් එක්ක බෝල්ට් කීව බොරු ගැන මුල්වරට හෙළිකරයි
''මට ආයේ මීට් වුණාම නම්බර් එක දෙන්නම් කීවා,
මට ඉංග්‍රීසි බැරි නිසා කතා කළේ Google Translate එකෙන්,
ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත්
ඇඳේදිනම් එහෙම නෙවෙයි''
උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා.
ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.
වයස අවුරුදු 20ක් වෙන මේ කෙල්ලගේ නම ජේඩි. ඇය කුඩා කාලෙදිම අම්මාගේ සෙනෙහස අහිමි වෙලා නැන්දා කෙනෙක් ළඟ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ වගේ ඇයට ළමයි දෙදෙනෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙනවා.
මේ සිද්ධිය වුණු දවසේ ජේඩි ඉඳලා තියෙන්නේ ඇයගේ යාළුවෝ එක්ක ක්ලබ් එකක විනෝද වෙන්න ඇවිත්. ඒ දවසේම බෝල්ට් ඔහුගේ ආරක්ෂකයින් එක්ක ඔය කියන ක්ලබ් එකට ගිහින් තියෙනවා. එත් ජේඩි දැනගෙන ඉඳලා ඔහු ප්‍රසිද්ධ චරිතයක් කියලා.
යාළුවෝ එක්ක ඩාන්ස් කරකර ඉන්න ජේඩිව දැකපු බෝල්ට් ඒ තැනට ඇවිත් ඇය දිහා බලලා යන්න ගිහින්. පස්සේ බෝල්ට් ගේ ආරක්ෂකයෙක් ඇවිත් ඇයට කියලා තියෙනවා ඔයා බෝල්ට් එක්ක යන්න එන්න කියලා. එත් ජේඩි ඔහුව ගණන් අරගෙන නැහැ. දෙවන පාරත් ආරක්ෂකයා ඇවිත් කියපුවාම තමයි ජේඩි බෝල්ට් කියන්නේ කවුද කියලා දැනගෙන තියෙන්නේ.
ඇයගේ නැන්දත් බෝල්ට් කියන ක්‍රීඩකයාට ආදරෙයි කියලා ජේඩි කියලා තියෙනවා. පස්සේ ඉතින් ටැක්සියක නැඟලා ජේඩි බෝල්ට් එක්ක යන්න හිතන් පාරට ඇවිත්. ඒ ඉද්දි බෝල්ට් එළියේ ඉඳලා. ඔහු හැමදාම වගේ විහිළුවෙන් වගේ හිනාවුණා විතරයි කියලා තමයි ජේඩි කියලා තියෙන්නේ.
ඊට පස්සේ පාරේ ගියපු ටැක්සි එකකට නැඟපු වෙලාවේ ජේඩි හිතලා තියෙන්නේ ඔහු ඇයව තරු පහේ හෝටලයක අරගෙන යයි කියලා. ඒත් සිද්ධවෙලා තියෙන්නේ ඇය හිතුවෙවත් නැති දෙයක්. බෝල්ට් ඇයට අරගෙන ගියේ රියෝ ඔලිම්පික් ගම්මානයට. නීතිමය වශයෙන් ක්‍රීඩකයෙකු හෝ අවසරයක් නැතිව මේ ගම්මානයට ඇතුල් වෙන්නට කාටවත් බෑ. ඒත් බෝල්ට් ආරක්ෂකයින්ට කියලා ඇයව ඇතුලට අරන් ගිහින්. ඔවුන් දෙන්නා නතර වෙලා තියෙන්නේ බෝල්ට් හිටිය කාමරේ.
ජේඩි බ්‍රසීල ජාතික කාන්තාවක් නිසා ඇයට ඉංග්‍රීසි වචන හරියට කතා කරන්න බෑ. ඔවුන් දෙන්නා ලොකු අමාරුවකට වැටිලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තු මේ දෙන්නා හැමදේම ගැන කතා බහ කරලා තියෙන්නේ Google Translate භාවිතයෙන්.
ඇය වැඩිදුරටත් පවසා තිබුණු කතාව පහතින්....
ඒ කාමරය හරිම පිරිසිදුයි. ඒකේ ඇඳන් දෙකක් තිබුණා, මාව ඇතුලට අරන් එන්න හදපු වෙලාවේ ආරක්ෂකයෝ මගේ හැදුනුම්පතවත් බැලුවේ නෑ, මට හරි පුදුමයි, ඔහුට ඒ තරම් පිලිගැනීමක් තිබුණා, බෝල්ට්ගේ කාමරයට ආවත් අපි කතා කරන්න හැදුවත් දෙන්නට දෙන්නා භාෂාව දන්නේ නෑ, පස්සේ අපි Google Translate එකෙන් තමයි කියන දේවල් තේරුම් ගත්තේ,
ඔහු ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වුණු රියානාගේ සින්දුවක් Play කළා, ධාවන පථයෙදි ඔහු ශූරයෙක් වුනත් හැබෑ ජීවිතේදී එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ, අපි පොඩි දේවල් ටිකක් ගැන විතරයි කතා කලේ, ඒත් ඒ හැමදෙයක්ම ලොකු මතකයක්, මම ඔහුත් එක්ක විනාඩි 40ක් විතර හිටියා.
ඔහු මට පොරොන්දු වුණා තවත් දවසක මුණ ගැහෙනවා කියලා, ඒ නිසාම ඔහුගේ දුරකථන අංකයවත් මට දුන්නේ නෑ, ඒත් මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු වෙලාව වෙද්දිත් ඔහු ගුවන්තොටුපලෙන් පිටත්වෙලා ගිහින් ඉවරයි.
එදා අන්තිමට ඔහු මට යුරෝ 100ක් දුන්නා. ඒ ටැක්සියක යන්න කියලා, අපේ රටේ යුරෝ භාවිතාකලේ නැතත් ටැක්සි රියදුරා ඒවා ගත්තා. මම සෙල්ෆි අරන් කාමරෙන් පිටතට ආවා,
ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා, ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.
Wednesday, August 17, 2016
12:19 PM
Unknown
අන්තර්ජාලයෙන් මුදල් සොයමු
මුලින්ම කියන්න ඕන ඉවසීමෙන් ටිකෙන් ටිකයි සල්ලි හොයන්න පුළුවන් . සාධාරණව සල්ලි හොයන ඉක්මන් ක්‍රම නෑ .එත් හරියට මහන්සි උනොත් සල්ලි අතට එන එක නවත්තන්නත් බෑ .
මුලින්ම කියන්න ඕන ඉවසීමෙන් ටිකෙන් ටිකයි සල්ලි හොයන්න පුළුවන් . සාධාරණව සල්ලි හොයන ඉක්මන් ක්‍රම නෑ .එත් හරියට මහන්සි උනොත් සල්ලි අතට එන එක නවත්තන්නත් බෑ .
අන්තර්ජාලයෙන් මුදල් සොයමු පාඩම් පටන් ගන්න කලින් කියන්න ඕනි අද මේක
උගන්නනව කියල යම් මුදලක් අයකරන් හැම තැනම පන්ති තියනවා.ඒවා
වල කියන්නෙනම් හරි ලේසියෙන් ලක්ෂගණන් උපයන්න පුළුවන් වගේනේ. එත් කරන්න ගත්තම තමා තේරෙන්නේ කියන තරම් ලේසිත් නෑ කියල නේද.අද ඉදන් නිව් වැඩ
කිඩ බ්ලොග් එකත් එක්ක දිගටම හිටියොත් ඔයාලට නොමිලේම හරියට ඉගෙන ගන්න පුළුවන්
අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නේ කියල..
හොදයි අපි
අද ඉස්සල්ලම කතා කරමු ගොඩ දෙනෙක් දන්නා PTC (paid to click) site ගැන.එකියන්නේ
ඇඩ් ක්ලික් කරාම සල්ලි ගෙවන වෙබ් අඩවි. ගොඩක් අය ptc බාගෙට කරලා
නවත්තනවා වැඩක් නෑ කියල.ඒ වෙන මුකුත් නෙමේ මේවගෙන් එක ඇඩ් එකකට ගෙවන්නේ ඩොලර් 0.001 තරම් පොඩි
අගයක්නෙ.අනික දවසකට ඇඩ් හම්බෙන්නෙත් 20ක් විතර.එත් අද ඒ වැරදි අදහස අත් ඇරගන්න වෙනවා.අද
මම කියල දෙනවා අඩුම තරමේ එක ptc site එකකින් ඩොලර් 1ක් වත්
දවසකට හැටි.දැන් ඕගොල්ලෝ බලයි දවසට ඩොලර් 1ක් මක් කරන්නද කියල.එත් හිතල බලන්න අද වෙද්දී ලෝකේ
විස්වාසවන්ත ptc site ඕන තරම් තියනවා ඒව 10ක ඔය වැඩ කරොත් ඔයාට දවසට ඩොලර් 10ක්
ඇවිත්නේ.සාමාන්නෙන් ඩොලර් 1ක් රුපියල් 130ක් විතර වෙනවනේ.ඔයා ඩොලර් 10ක් හෙවුවා
කියන්නේ 130x 10 = 1300 රුපියල් 1300ක් හොයලනේද ....දැන් හිතල බලන්න වැඩේ කොහොමද කියල...
අපි පලවෙනි පාඩම විදියට බලමු clixsense site එකේ රෙජිස්ටර් වෙලා වැඩ කරන හැටි.ඉස්සල්ලම පහත ලින්ක් එක ක්ලික් කරන්න.එවිට
පහල රුපයේ පරිදි වෙබ් පිටුවක් පැමිණෙයි.
මේකේ ඔයාලගේ
ඇත්තම විස්තර දාන්න.දැන් signup ක්ලික්
කරන්න.දැන් ඔයාල ලබා දීපු email ගිණුමට ලොග්
වී බලන්න clixsense වලින් massage 1ක් ඇවිත් ඇති.එහි ඇති comfimation link එක ක්ලික් කරන්න.
දැන් ඔයාලගෙ clixsense account එකේ Frofile and setting වලට එයි.අවේ
නැත්තන් Home > My Account > Frofile and setting ගියාම හරි.ඒ පිටුවේ පහත රුපයේ ආකාරයට විස්තර ටික
පුරවන්න.දැන් update account ක්ලික් කරන්න. ඕන් එහෙනම් account එක හදල ඉවරයි.
දැන් ඔය clixsense site 1ට log වෙලා යන්න view ads tab එකට.දැන් ලබා දීල තියන ඇඩ් වලින් එකක් ක්ලික් කරන්න.එකපාර 1යි හොදේ.
දැන් වෙනම site 1ක් open වෙලා වම් පැත්තේ උඩම පෙනෙයි බල්ලෝ ඉන්න රුප
ටිකක්.ඒ ටිකේ පුසෙක් ඉන්න රුපයක් ඇති.එක ක්ලික් කරන්න.
දැන් ඔයාලට පෙනෙයි තත්පර ගණනක් පොඩි ඉරක් ලෝඩ් වෙන
ගමන්.එක ඉවර උනාම close කියල 1ක් එයි එක ක්ලික් කරන්න.
ඔයාල ඔය
විදියට ඔයාලට දවස ගානේ ලැබෙන ඇඩ් සියල්ල ක්ලික් කරන්න.එත් ඇඩ් ඔක්කොම ක්ලික් කලත්
දවසටම ඩොලර් 0.01ක් වගේනේ
හම්බෙන්නේ.මන් දැන් කියන්න හදන්නේ ඒ ගාන වැඩි කරගන්න විදිය ගැනයි.ඒ කොහොමද දන්නවද referralලා හදාගන්න
ඕනි.ඒකට කරන්න
තියෙන්නේ ඔයාලගේ account 1ට log උනාම my affiliate details යටතේ ඇති my affiliated link කියල link 1ක්.එක ඔයාලගේ
යාළුවන්ට එහෙම email මගින් FB 1ක මගින් එහෙම
යවල එයාලටත් ඒ link 1න් registar වෙලා වැඩ
කරන්න කියන්න.එයාලටත් ඒවගේම එයාලගේ referral
link 1න් කට්ටිය registar කරගත්තම එයාලත් ගොඩ.
referralලාගෙන් අපිට ලැබෙන වාසිය තමයි එයාල ක්ලික් කරන හැම
ඇඩ් 1කින්ම අපිටත්
කොමිස් 1ක් එනවා.එහෙම
අපිට කොමිස් 1ක් ආව කියල
එයාල හොයන ගාන අඩුවෙන්නෙවත් එයාලගෙන් ගානක් කපෙන්නේවත් නෑ.ඒක අපිට clixsense site 1න් ගෙවන්නේ
එයාලව අපි හරහා site 1ට අදුන්නලා
දුන්නට.
ප්‍රදනමදේ
1 අන්තර්ජාලයෙන් එකපාරට ලක්ෂ ගණන් හොයන්න බෑ
2 මුකුත්ම් නොකර සල්ලි හොයන්නත් බෑ
3 ඉවසීමෙන් ටිකෙන් ටික ගොඩනගාගන්න ඕන
4 අද කරලා අදම සල්ලි ගන්න තරම් ඉක්මන් ක්‍රම ඇත්තෙත් නෑ
තියෙන වාසි
1 ඉතා සුළු කාලයක් වැය වීම නිසා අමතර මහන්සියක් නොමැති වීම
2 විශේෂ දැනුමක් අවශ්‍ය නොවීම
3 task, offers, surveys මඟින් අදායම වැඩි කර ගත හැකි වීම
{task, offers, surveys යනු ඉතා සරල ක්‍රියාකාරකම් වේ.ඒවා පිළිබද පසුව දැනුවත් කරන්නම්.}
4 තවත් අය අදුන්වා දීම තුලින් අමතර අදායමක් ලැබිය හැකි වීම
Subscribe to:
Comments (Atom)
RSS Feed
Twitter

















