Saturday, July 29, 2017

NAPHTHALENE BALLS Use For Clothes, Books, Cupboards

FREE SHIPPING fo ALL ORDERS!  

You will get 10% extra for all the orders!!

             Buy             Get
                     50g                      55g
                100g                  110g
                200g                   220g
                400g                   440g
                800g                   880g





This product can prevent mildew and moth from your living room and toilet.

KEEP OUT OF REACH OF CHILDREN.
WASH YOUR HAND AFTER USE IT.

CAUTIONS:
  1.  PUT IT INTO CHEST OF DRAWERS, CLOSING THE DOOR SO THAT EXTENDING USING TIME.
  2. PUT IT AWAY FROM FOOD, WARE FOR EATING AND PLASTIC TOYS ETC..
  3. DON'T USE IT WITH ANY OTHER MOTH-PROOF PRODUCTS.
  4. DON'T EAT AND KEEP OUT OF REACH OF CHILDREN.
  5. WASH YOUR HAND AFTER USE IT.
  6. SUGGEST USE IN :40G/M3
WHAT IS NAPHTHALENE?
  • THE CHEMICAL NAPHTHALENE IS AN EFFECTIVE PESTICIDE FOUND IN MOTHBALLS AND OTHER PEST CONTROL PRODUCTS.
  • ITS STRONG ODOR  ALSO  MAKES  IT  A  PEST  REPELLENT. 
  • NAPHTHALENE  IS  REGISTERED  FOR  INDOOR  AND  OUTDOOR  RESIDENTIAL  USE.
  • USED INDOORS,  IT  KILLS  MOTHS  AND  THEIR  EGGS. 
  • OUTDOORS,  IT  IS  USED  AROUND  GARDENS  AND  BUILDINGS  TO  REPEL  PESTS  LIKE SNAKES.
  • COMMON NAPHTHALENE CONTAINING PRODUCTS FOR USE AROUND THE HOME ARE MOTHBALLS AND SNAKE REPELLENTS.   
USAGE METHODS & PURPOSE:

You can put it directly with clothes, or leather, or books etc..
This product can prevent mildew and moth from your living room and toilet.

Protect From :  
Protect from -    Cockroach, Silverfish, Geckos and all other small insects   

Image result for cockroachImage result for silverfish
Usage Methods & Purpose:You can put it directly with clothings, or lether, or books etc.. 
Image result for silverfish bug damage  Image result for silverfish bug damage    Image result for Australian geckos

If you buy more can give attractive offers!

Feel free to contact us!
Also you can comment to contact us or can done via E bay or e mail



Thank you!

Thursday, August 25, 2016

ආර්ථික අහේනිය ඉස්සරහ දොරෙන් ගෙට ගොඩවෙනකොට ආදරය පෑල දොරෙන් එලියට යනවලු. විවාහයන් කැඩී බිඳී යාමට සුලබ හේතුවක් වුණේ ආර්ථික ප්රශ්න කියල බොහෝ විට මතුපිටින් පෙනෙන්නේ තියෙන දෙයක්. දෙන්න දෙමාල්ලන්ගේ ආරවුල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියල කතාවක් හැදෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.
ඒත් ඒ පවුලක් පන්සලක් වෙලා ඉන්න දෙන්නෙක් දිහා පිටත ඉඳන් බලන් ඉන්න කෙනෙකුට කියන්න පුලුවන් කතාවක් විතරයි. ඇත්තටම විවාහයන් කැඩී බිඳී යාම කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත වෙල තියෙන්නෙ ලිංගිකත්ව ගැටලු. අද උසාවි වල දික්කසාද නඩු නඩත්තු නඩු එමටයි.
ඊට හේතුවක් විදිහට වැඩි කොටසක් අත් පත් කරගෙන තියෙන්නේ අනියම් සම්බන්ධ කම්. මෙහෙම අනියම් සම්බන්ධකම් ඇතිවෙන්නේ සල්ලාල කමක් වන්චර කමක් හින්ද නෙවෙයි. පවතින සම්බන්ධකම් රුස්සන්නේ නැති වීමයි මේකට හේතුව. අද සමාජය සංකීර්ණයි එක් එක් අයගේ අවශ්යතාවයන් විවිධයි.
බලාපොරොත්තුවන දෑ විවිධයි. අත්පත්කර ගත හැකි දේ ගැන තොරතුරු ප්රමාණය විශාලයි. දැනුම විශාලයි. කිසිවෙකුටත් එක තැනක නැවතින්නට අවශ්ය නැහැ. හඹා යන්න.. අත්පත් කර ගන්නයි හැමෝටම ඔනේ.. ඒ ජිවිතය හැකි උපරිමයෙන් විඳින්නයි ඕනේ..ඉතින් විවාහය කියන එක තුලත් පවතින්නේ මේ තත්වයමයි.
විවාහ සංස්ථාව කැඩී බීදීයාම වලක්වා ගන්න නම් මේ ගැන සීමාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලම හිතන්න වෙනවා
දෙදෙනකු විවාපත් වෙන්නේ ලිංගික වුවමනාවන් පදනම් කරගෙනම නොවුවත් විවහයක් හොඳින් පවත්වාගෙන යාමට හොඳ ලිංගික සබඳතාවයක් පැවැතීම අත්යාවශ දෙයක්.
හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කොහොමද? අද කතා කරන්න හිතුවේ ඒ ගැන. ගොඩක්ම සරල ආකරයෙන් මේ පැහැදිලි කළ හැකියි.
දෙදෙනකු අතර වන හොඳ ලිංගික සම්බන්දතාවයක් සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා අභ්යන්තර සාධක සහ බාහිර සාධක විදියට දෙවර්ගයකට වෙන් කළ හැකියි.
අභ්යන්තර සාධක අතරින් මිනිසාගේ ප්රධානතම ලිංගික අවයවය වන්නේ මොළයයි. ලිංගික කාර්යය සඳහා මිනිසාගේ මනසේ බලපෑම ඉහල අගයක් ගන්නවා. ඊට දෙවෙනිව නොදියුණු ජීවීන්ගේ ලිංගික ක්රියාවේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ හෝමෝන. අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය ලිංගික ක්රියාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිංගික ක්රියාව සඳහා අවශ්ය වන හෝමෝන ශ්රාවය කිරීම අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුකරනවා.
මිනිස් සමාජයේ සංස්කෘතික ලක්ෂණ සහ සමාජ ආකල්ප ලිංගික ක්රියාවලියේ බාහිර සාධකයක්ව පවතියි. එනම් ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් ජාතිය ආගම අනුව වන වෙනස්කම් භුගෝලීය දේශගුණික විෂමතාවයන් අනුව අනුව වන වෙනස්කම් ආදී වශයෙන් දැක ගත හැකිය.
එහෙත් මිනිසා නම් සත්වයා කුමන සංස්කෘතික හෝ සමාජ වටපිටාවක් තුල හිඳිමින් ලිංගික ක්රියාවලියට එක්වන්නේ වූවද ඒ සිදුවන ආකාරය අවස්ථා සතරකට වෙන් කර ගත හැකිය.
ආසාව (desire )
ලිංගික ක්රියාවලියේ පළමු පියවර වන්නේ ආසාවයි. පුරුෂයින්ගේ ලිංගික ආසාව Testosterone නම් හෝමෝනය මගින් උත්තේජනය කරනවා.
මෙම ආසාව ඇතිවීම සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්. හෝමෝන වල බලපෑම වගේම ලිංගික උත්තේජනයක් සපයන කලා නිර්මාණ, භාෂාව, ශබ්ද, පින්තූර ආදිය ලිංගික සම්බන්ධතාවයක් සඳහා ආසාව වර්ධනය කරවයි.
උද්දීපනය (arousal )
මෙයින් අදහස් කෙරෙන්නේ ලිංගික ක්රියාකාරිත්වය සඳහා ශරීරය සකස්වීමය. ලිංගේන්ද්රියයන්ගේ වෙනස් කම් ඇති වෙනවා. පුරුෂයන්ගේ ශිෂ්ණයේ පවතින corpora cavernosa කියන පටකයට රුධිරය පිරීම නිසා එය දැඩි ශක්තිමත් භාවයට පත් වෙනවා.
කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ මෘදු පේෂි පටකය සැහැල්ලු බවට පත් වීම නිසා යෝනි මාර්ගය විවෘත වෙනවා. ඒ වගේම ස්වසන වේගය වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වාගේ කායික ලක්ෂණ ඇති වෙනවා.
සුරතාන්තය (orgasm)
සුරතාන්තය ලිංගික ක්රියාවලියේ උපරිම තෘප්තිමය අවස්ථාවයි.
සිඳී යාම (resolution )
ශරීරය සහ ලිංගික අවයව නැවත පෙර තිබූ තත්වයට පත් වීම.
ලිංගික ක්රියාවලියේදී සුරාන්තයට පත්වීමේ සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට ගත වෙන කාලය සමාන නැහැ. සාමාන්යයෙන් කාන්තාවන්ට ලිංගික උද්දීපනය ලැබීමට පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ගත වෙනවා.
ඒ වගේම පුරුෂයකුට එක්වරක් උපරිම තෘප්තිමත් අවස්ථාවට පත් වුනාට පස්සේ නැවත උපරිම තෘප්තිමත් අවස්ථාවක් ලැබීමට යම් කාලයක් ගත විය යුතුයි. නමුත් කාන්තාවකට කෙටි කාලසිමාවකදී උපරිම තෘප්තිමත් අවස්ථා කිහිපයක් ලබන්න පුළුවන්. මේ කරුණු ගැන ලිංගික ක්රියාවලියේදී අවධානය යොමු කිරීම අතිශය වැදගත් කාරනාවක් බොහෝ කාන්තාවන්ට සිය ලිංගික ජීවිතය නීරස අත්දැකීමක්ව ඇත්තේ සිය සහකරුවා මේ පිළිබඳව නොදැන සිටීමය.
අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා.
සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා මේ ගැන දැන සිටීම මෙන්ම එම ගැටළු නිරාකරනය කර ගැනීම අවශ්යය.
Knowledge - දැනුම. ලිංගිකත්වය පිළිබඳ දැනුවත් භාවය
Motivation - පෙළඹීම. ලිංගික ක්රියාවේ යෙදීම සඳහා දෙදෙනාගේම පෙළඹීම සහ කැමැත්ත
Communication - සන්නිවේදනය. අන්යොන්ය වශයෙන් ලිංගික සම්බන්ධතාව ප්රායෝගික තලයට ගෙන ඒම සඳහා සහකරුවන් අතර හොඳ සන්නිවේදනය ක්රමයක් පවත්වා ගතයුතුය.
Satisfaction - තෘප්තිමත් භාවය. මෙහිදී ලිංගික ක්රියාවේ යෙදෙන දෙදෙනාම තෘප්තිමත් භාවයට පත් වීම අපේක්ෂා කරන බව දෙදෙනාම දැන්සිටිය යුතුවා මෙන්ම ඒ අනෙකාට ලබාදිය යුතුය.
Experience - පළපුරුද්ද
Anxiety - ආතතින්ගෙන් පෙලීම. මෙය ලිංගික තෘප්තිය අඩු වීමට හේතු වෙයි
Physical disorders - කායික රෝගාබාධ වලින් පෙලීම
Mental disorders - මානසික රෝග වලින් පෙලීම
Drugs - ඖෂධ - ඇතැම් ඖෂධ නිසා ලිංගික ගැටළු ඇති විය හැකිය
Smoking, alcohol, substance abuse - මත්ද්රව්ය - මත් වතුර, දුම් පානය ලිංගික තෘප්තිය අඩු කිරීමට හේතු වෙයි.
සමහර විට මේ යම් කරුණක් හෝ කිහිපයක් විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදා කර තිබිය හැක. නමුත් ඉතා පැහැදිලිවම කිව යුතු දේ නම් මේ සියල්ලටම උත්තර තිබෙන බවයි.එහෙත් අනෙක් වැදගත්ම දේනම් ඒ සඳහා ඔබ යායුත්තේ කවුරුන් ළඟටද යන්න දැන සිටීමය.
මෙවැනි ගැටළුවකින් පෙළෙනවා නම් ඔබට කළ හැකි හොඳම දේ ළඟම ඇති රජයේ රෝහලෙන් වෛද්ය උපදෙස් පතන එක. නමුත් ඔබ වෛද්යවරයකු හමු වීමට යායුත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක්, තමන්ට තනිව විසඳාගත නොහැකි ගැටළුවක්, තම පවුල් සම්බන්ධතාවය බිඳවැටීමේ අවදානමක් ඇති ගැටළුවක් නම් පමණයි. මන්ද අන් සියල්ල ඔබ දෙදෙනාට කතිකා කොට විසඳගත හැකි නිසාය.
ඒ ඒසේ වන්නේ නම් ඉදිරි දොරෙන් එන මොන අහේනියට වුවත් ඔබ දෙදෙනාගේ 'ආදරය' පෑල දොරෙන් යවන්නට බැරි තරම් විශාල වේවි.
රන්දි කිඳෙල්පිටිය
(සම්පූර්ණ අයිතිය කතෘ සතුයි )

Wednesday, August 24, 2016

එන්න මසාජ් කරන්න කියලා ඇතුලේ ලොකු ලොකු වැඩ එක්ක කම්සැප දීපු තැන මාට්ටු
වැල්ලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමෙන් එහි කළමනාකරු සහ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ අයෙකුවන අතර සැකකාරියන් 33, 27, 24 වයස්වල පසුවන අතර මහනුවර, මාතලේ, සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් 5 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ගෝල්ෆේස් පිටියෙදි මුණගැහිලා, ජනප්‍රියයි කියල දැනගත්තම අඬලා, අකලංකගේ හිත ගත්ත ප්‍රංශ යුවතිය

රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පහුගිය දවසක විවාහ වුණා.  ඒ සචිනි කියන විද්‍යාඥවරියක්‌ වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක. අපි ඇයට ප්‍රංශ තරුණියට කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණු නිසා.

මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ හරි අපූරු විදියට. ඒ හින්දම හිරු ගොසිප් අපි ඔවුන්ගේ ආදරේ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක් මේ විදියට අරන් එන්න හිතුවා.  අකලංක සචිනිව මුලින්ම දකින්නේ ගාලු මුවදොර පිටියෙදි. ඒ ඔහුගේ යළුවෙකුගෙ මාර්ගයෙන්.


එතනින් එහාට කතාව ගලාගෙන ගිය හැටි තමයි මේ......
ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?
ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?
සචිනි

වෘත්තිය ?
විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?
ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?
මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ. 

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?
ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.
ඇය එක පයින් කැමැති වුණාද?
අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ. 

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?
අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?
පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?
අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?
ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.
ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?
එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?
ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?
මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?
සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?
හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.
එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?
මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා. 

කවදාද ලංකාවෙන් යන්නේ?
ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?
නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?
විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා. 

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?
මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

අකලංකගේ විවාහයේ හා ඡායාරූප එකතුව පහතින් බලන්න...





මඩකලපු කෝච්චියේ නිදන මැදුරේ නෙදර්ලන්ත යුවලකගේ අනග රැඟුම නිසා ඒ රටේ නමත් ඉවරයි
පසුගියදා මඩකළපුව සිට කොටුව බලා පැමිණි රාත්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරී ඇති නෙදර්ලන්ත තරුණ යුවළක් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කිරීම නිසා ඔවුන් කොටුව පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.


මෙම යුවල වැලිකන්ද ප්‍රදේශයේදී එහි දුම්රිය ස්ථානයෙන් ගොඩව දෙවන පන්තියේ ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා.
පසුව ඔවුන් අශෝභන ලෙසින් හැසිරීමත් ඔවුන් ගමන්කළ දුම්රිය මැදිරියේ සිටි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දැඩිසේ අවවාද කර තිබෙනවා.

නමුත් ඔවුන් දෙදෙනා නිදන මැදිරිය වෙත ගොස් අශෝභන ලෙස හැසිරීම නිසා දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඒ සම්බන්ධව අවවාද කොට ඇති අතර දෙවැනි මැදිරියේ ප්‍රවේශපත් රැගෙන නිදන මැදිරියේ යා නොහැකි බවද දන්වා තිබේ.


නිදන මැදිරි භාර ආරක්‍ෂකයන් මොවුන්ට අවවාද කළත් අශෝභන ක්‍රියාවද ඔවුන් එතරම් ගණන් නොගෙන ඇත. මේ විදේශ යුවළට මගීන්ගේද දැඩි විරෝධය එල්ල වීම නිසා කොටුව දුම්රිය පොළ වෙත පැමිණි පසු දුම්රිය ආරක්‍ෂකයන් ඔවුන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට තිබේ.